Thứ Hai, 1 tháng 6, 2015

ඔරිජිනල් HTC M8 එකක් අදුරගමු..

ඔන්න ඉතින් අද කියන්න හදන්නේ HTC ඔරිජිනල් පෝන් එකක් හොයන්නේ කොහොමද කියල


අපි හැමෝම වගේ 4න් එකක් ගන්න කලින් ඒවා ගැන හුගක් හොයල බලනවා ඊටපස්සේ ගාන අඩුම තැනින් තමා ගන්නේ එත් මන් නම් කියන්නේ 2000ක් 3000ක් වැඩි උනාට කමක් නෑ හාඩ්වෙයා warranty එක්ක ගන්න හොදේ

මුලින්ම බැලුවේ ඉක්මන් .lk එකේ හම්මේ එතකොට තමා දැක්කේ මේවටත් fake ඒවා එනවා කියලා 13000 ඉදන් තියනවා M8 එත් ඒවා නම් ලගින් වත් තියන්න බෑ Original M8 එකත් එක්ක ඒ කොහොමද කියල අපි බලමු


ඔරිජිනල් එක Made in Taiwan කියල පෙට්ටියේ ගහල එන්නේ අනික එන්නේ Seal Pack *මේකේ Made in China එනවා හොදේ








 ඒ වගේම මේකේ විස්තර ටික පිටිපස්සේ තියනවා ගහලම





 දැන් බලමු 4න් එක ගැන 

M8 එකේ පිටිපස්සේ කැමරා 2ක් එනවා 





 ඒ වගේම පාට 2කින් Flasher එක වදින්නේ



 මේකේ දැනට ආපු android 5.0.1 සංස්කරණය තමා තියෙන්නේ


 ඉස්සරහ කැමරාව 5MP එන්නේ පොඩි notification light එකක් එහෙමත් තියනවා





 හරි 4න් එක off කරන්න දැන් Vol - එකයි power එකයි තප්පර 6ක් වගේ ඔබගෙන ඉන්න

දැන් මෙහෙම එයි


ඔන්න ඔකේ වැටෙනවා ඔක්කොම විස්තර ටික හොදේ උඩම තියෙන්නේ os එක රූට් කරලද නැද්ද කියල
ඊට පල්ලෙහින් බූට් ලෝඩර් එක අන්ලොක් කරලද නැද්ද කියල
ඉටපස්සේත් ඔය මොනාද මොනාද තියනවා

දැන් ඕක ආව කියන්නේ 4න් එක ගැන සැකයක් ඇති කරගන්න ඕනි කමක් නෑ කියන එක

එත් තව දුරටත් සැක හැර දැනගන්න ඕනි නම් කරන්න තියෙන්නේ Google Play එකෙන්Antutu Benchmark එක බාගන්න
දැන් එකෙන් ටෙස්ට් කරන්න මේ වගේ වැටෙයි





 ඒ වගේම එකෙන් අපිට Details ගන්න පුළුවන්
 මේ වගේ


 ඔන්න ඔහොමයි HTC ඔරිජිනල් එකක් හොයන්නේ දන්නේ නැති යටත් කියල දෙන්න පුලුවන්නම් share පාරක් දාන්න එහෙනම් මන් ගියා හැමෝටම ජයවේවා......

Không có nhận xét nào:

Đăng nhận xét