Thứ Sáu, 3 tháng 7, 2015

HTC ගැන තියෙන ප්‍රශ්න සහ ඒවාට උත්තර.

ගොඩ කාලෙකින් තමයි පොස්ට් එකක් දාන්නේ... :D    හරි අද මන් ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් දෙයක් ගැන තමයි කියන්න යන්නේ... ගොඩක් අපේ ගෘප් එකේ කට්ටිය හැමතිස්සෙම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න යන්නේ...



1. HTC හදන්නේ කොහෙද?
*  HTC වල මව් සමාගම තියෙන්නේ තායිවාන් වල තව HTC දැනට රටවල් දෙකක් හදනවා ඒ තමයි                 තායිවානය සහ චීනය ඔය මොන රටකින් ෆෝන් එක හැදුවත් ෆෝන් එකේ කොලිටි එක පොඩ්ඩක්වත් බාල වෙන්නේ නෑ.. ඒ ගැන වැඩි විස්තර මෙතනින්




2. HTC හැම ෆෝන් එකකම පින්ක් ඉශු එනවද?
*  නෑ HTC හැම ෆෝන් එකකම පිනක් ඉශු එන්නේ නෑ .. ආවේ One m7  2013 සමහර ඒවා වලයි HTC Butterfly S සමහර ඒවා වලයි විතරයි .. ඒ ගැන වැඩි විස්තර මෙතනින්.



3. HTC වල Sense UI කියන්නේ මොකක්ද?
* සෙන්ස් යු.අයි කියන්නේ HTC ලගේ UI එක ඒ ගැන වැඩි විස්තර  මෙතනින්.


4. HTC  වල සිංහල පෙන්නේ නැද්ද ?
*  පෙන්නනෙ නෑ එත් සමහර ලොලිපොප් අප්ඩේට් වල පෙන්නවා.. එත්  අපිට රුට් කරන්නේ  නැතිව හදාගන්න පුළුවන් ඒ ගැන මෙතනින්.




5. HTC ඩිසයර් ෆෝන් වල අන්තිමට අකුරු එන ෆෝන් අවුල්ද? උදාහරණයකට HTC Desire 820S
*  ඔව් ටිකක් අවුල් මොකද ඒ ෆෝන් එකේ HTC වල වටිනාම දේ නැ ඒ තමයි සෙන්ස්  UI එක....
ඒ Desire ෆෝන් ගැන මෙතනින් දැනගන්න.




6. HTC ෆෝන් වලට කෝඩ්ස් තියෙනවද? ඒ මොනවද?
* ඔව් කෝඩ්ස් තියෙනවා.
කෝඩ්ස් ටික තමයි

*#*#3425#*#* = Function Test *#*#4636#*#* = Information Menu
7. HTC ෆෝන් එක ලොලිපොප් අප්ඩේට් කරොත් අවුල් යයිද? * කිසිම අවුලක් වෙන්නේ නෑ.... එත් සමහරු කියනවා අප්ඩේට් කරාම බැටරි බහිනවා කියයි. ෆෝන් එක ස්ලෝ වෙනවා කියයි... ඔව් ඒ ඔක්කොම ඇත්ත... බය උනා නේ.. එහෙම වෙනවා අප්ඩේට් කරලා ෆැක්ටරි රීසෙට් එකක් නොකරම. ඔය කිව්ව අවුල් ඔක්කොම හරියනවා රීසෙට් කරාම...


8 . HTC  ෆෝන් වලත් හයිකොපි එනවද? ඒවා හොයන්න පුලුවන්ද?
* අපෝ ඔව් HTC වලත් හයිකොපි එනවා. ඒවා හොයන්න පුළුවන් හරි ලේසි.. කෝඩ්ස් තියෙනවා තව එක එක ටෙස්ට් කිරිලි තියෙනවා ඒ ගැන වැඩි විස්තර මෙතනින්.


9 . HTC ෆෝන් එකේ බොක්ස් එකේ මොඩ්ල් නම්බර් එකට පස්සේ එන අකුරු වල තේරුම මොකක්ද?
* ඒ අන්තිමට එන අකුරු වලින් කියවෙන්නේ ෆෝන් එක අදාළ රිල්ජන් එක..
අන්තිමට එන අකුරු වල තේරුම

N = Europe
X = China
Y = Hong Kong




10. HTC ෆෝන් ලංකාවට ගෙන්නනේ කව්ද?
* ලංකාවට HTC ඒජන්ට් කෙනෙක් තාම නෑ. :(




11. HTC ෆෝන් ගොඩක් රත් වෙනවද?
* නෑ එහෙම රත් වෙන්නේ නෑ.. මම එක නිකන් නෙවෙයි කියන්නේ.. මේකයි කතන්දරේ සාමාන්යෙන් ඕනෑම බ්‍රෑන්ඩ් එකක රත් වෙන ගනටමයි HTC ෆෝන් රත් වෙන්නේ. අපිට HTC සමහර ෆෝන් ගොඩක් රත් වෙනවා වගේ දැනෙන්නේ ගොඩක් ඒ ෆෝන් ඇලුමිනියම් වැනි ලෝහයකින් හදලා තියෙන හන්දා.. හොදම උදාහරණයකට ගන්න යකඩයක් අවුවේ තියලයි ප්ලාස්ටික් එකක් අවුවේ තියලයි. දෙකෙන් වැඩිපුර රස්සෙනේ දැනෙන්නේ යකඩ කෑල්ලේ ඔන්න ඕකයි ගොඩක් කට්ටිය රත් වෙනවා කියල HTC ෆෝන් වලට එක එක කතන්දර කියන්නේ.. ඇත්තටම හැම ෆෝන් එකක්ම රත් වෙනවා අපි එක අඩු කර ගන්නවා නම් කරන්න තියෙන්නේ අනවශ්‍ය ඇප් රන් වෙන එක නවත්වන එක එතකොට ඕනෑම ෆෝන් එකක් රත් වෙන එක අඩු කර ගන්න පුළුවන් ...




පොස්ට් එකේ මොකක් හරි අඩුපාඩුවක් හරි මොනවා හරි දැන ගන්න ඕනා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න එහෙනම් මම ගියා.. 

Không có nhận xét nào:

Đăng nhận xét