මන් අද හිතුවා Galaxy S5 එකෙයි HTC One M8 එකෙයි කැමරාව කොම්පෙයාර් කරල පෝස්ට් එකක් දාන්න ..
මේ අරගෙන තියන පොටෝ අපේ අපි විසින් ම ගත් ඒවා වන අතර කිසිදු සමාගමකට මඩ ගැසීම සදහා දමාපු එකක් නොවේ ..
හොදයි එහෙනම් අපි බලමු
ඇත්තටම කිව්වොත් පෝන් දෙකේම කැමරා දෙක ගොඩක් හොදයි .
කියන්න කියල වරදක් දෙකේම නෑ ..
ඒත් පොටෝ වල කලර් ටෙම්ප්‍රේචර් එක එකට එකක් වෙනස් .. ඉතින් අපි බලමු
පලවෙනි පොටෝ එකේ නම් දෙකේ කියන්න තරම් ලොකු වෙනසක් නෑ .M8 එකේ ෆොටෝ එකේ තියන කොල පාට තමා හරි කොල පාට මන් ගත්ත තැන නම් .. නමුත් S5 එකේ පොටෝ එකත් හොදයි ...
මෙතන නම් ගොඩක් දෙකම සමානයි ... S5 එකේ පොටෝ එක ටිකක් විතර ඕවර් එක්ස්පෝස් වෙන්න හදනවා වගේ .. ඒත් ලොකුවටම නෙමෙයි .. නමුත් M8 එකේ පොටෝ එකෙ බැලන්ස් එක හොදයි ... ඒත් S5 එකේ මෙගාපික්සල් ප්‍රමානය ගොඩක් වැඩි නිසා .. Zoom කරත් හොද පැහදිලි ෆොටෝ එකක් බලන්න පුලුවන් ..
මෙතනදි නම් පොටෝ දෙකම ටිකක් අමාරුවෙන් ගත්තෙ . මොකද මෙතන ටිකක් හුලන් ඒක නිස කොලේ ෆෝකස් කරාම ෆෝකස් අවුට් යනව ඉක්මනට මොකද හුලගට කොලේ හෙල වෙන නිසා .. ඒත් M8 එකේ හොද පොටෝ එකක් ගන්න පුලුවන් උනා මොකද ඒකෙ ෆෝකස් සම්පූර්නයෙන්ම ලොක් කරන්න පුලුවන් උන නිසාත් , ඉතාමත් වේගවත් ශටර් ස්පීඩ් එක නිසාත් ..කොහොමත් M8 එක මේ වගේ වෙලාවන් වලදී පොටෝ ගන්න ගොඩක් ප්‍රකටයි ..
මෙතනදි නම් පොටෝ දෙක ගොඩක් සමානයි දෙකේම .. පෝන් දේකෙන්ම හොද පොටෝ එකක් මෙතනදි අරන් තියනව ...
මෙන්න මෙතනදි තමයි ලොකු වෙනසක් දකින්නෙ .. මන් මේ ගත්තෙ මගෙ කොම්පියුටර් ටේබල් එක යට සබ්වූෆර් එක තියන තැන පොටෝ එකක් .. මෙතන ගොඩක් කරුවලයි .. මෙතන පොටෝ ගත්තෙ කරුවලේදි කොහොමද පෝන් දෙක පෆෝම් කරන්නෙ කියල පෙන්නන්න ... මෙතනදි නම්M8 එක ගොඩක් ඉහලින් ඉන්නව .. කොහොමත් අල්ට්‍රාපික්සල් කැමරාව ප්‍රසිද්දියක් දක්වන්නෙත් මේ වගේ පොටෝ ගන්න තමයි .. ඉතින් මෙතන නම් කොහොමත් පොයින්ට් එක යන්නෙ M8 එකට ..

මේ පොටෝ එකත් වෙනසක් නෑ ලොකුවට , කලර් ටෙම්ප්‍රෙචර් දෙක දෙවිදිහක් .. ඉතින් ඔයගොල්ලොන්ට හරි යන එක ඔයගොල්ලො තොරගන්න ..
එහෙනම් එච්චරයි . වීඩියෝ කොම්පැරිසන් එකකුත් ලගදිම අරන් එක බව පොරොන්දු වෙමින් මන් ගියා එහෙනම් ..
Không có nhận xét nào:
Đăng nhận xét