Thứ Hai, 1 tháng 6, 2015

ඔරිජිනල් HTC M8 එකක් අදුරගමු..

ඔන්න ඉතින් අද කියන්න හදන්නේ HTC ඔරිජිනල් පෝන් එකක් හොයන්නේ කොහොමද කියල


අපි හැමෝම වගේ 4න් එකක් ගන්න කලින් ඒවා ගැන හුගක් හොයල බලනවා ඊටපස්සේ ගාන අඩුම තැනින් තමා ගන්නේ එත් මන් නම් කියන්නේ 2000ක් 3000ක් වැඩි උනාට කමක් නෑ හාඩ්වෙයා warranty එක්ක ගන්න හොදේ

මුලින්ම බැලුවේ ඉක්මන් .lk එකේ හම්මේ එතකොට තමා දැක්කේ මේවටත් fake ඒවා එනවා කියලා 13000 ඉදන් තියනවා M8 එත් ඒවා නම් ලගින් වත් තියන්න බෑ Original M8 එකත් එක්ක ඒ කොහොමද කියල අපි බලමු


ඔරිජිනල් එක Made in Taiwan කියල පෙට්ටියේ ගහල එන්නේ අනික එන්නේ Seal Pack *මේකේ Made in China එනවා හොදේ








 ඒ වගේම මේකේ විස්තර ටික පිටිපස්සේ තියනවා ගහලම





 දැන් බලමු 4න් එක ගැන 

M8 එකේ පිටිපස්සේ කැමරා 2ක් එනවා 





 ඒ වගේම පාට 2කින් Flasher එක වදින්නේ



 මේකේ දැනට ආපු android 5.0.1 සංස්කරණය තමා තියෙන්නේ


 ඉස්සරහ කැමරාව 5MP එන්නේ පොඩි notification light එකක් එහෙමත් තියනවා





 හරි 4න් එක off කරන්න දැන් Vol - එකයි power එකයි තප්පර 6ක් වගේ ඔබගෙන ඉන්න

දැන් මෙහෙම එයි


ඔන්න ඔකේ වැටෙනවා ඔක්කොම විස්තර ටික හොදේ උඩම තියෙන්නේ os එක රූට් කරලද නැද්ද කියල
ඊට පල්ලෙහින් බූට් ලෝඩර් එක අන්ලොක් කරලද නැද්ද කියල
ඉටපස්සේත් ඔය මොනාද මොනාද තියනවා

දැන් ඕක ආව කියන්නේ 4න් එක ගැන සැකයක් ඇති කරගන්න ඕනි කමක් නෑ කියන එක

එත් තව දුරටත් සැක හැර දැනගන්න ඕනි නම් කරන්න තියෙන්නේ Google Play එකෙන්Antutu Benchmark එක බාගන්න
දැන් එකෙන් ටෙස්ට් කරන්න මේ වගේ වැටෙයි





 ඒ වගේම එකෙන් අපිට Details ගන්න පුළුවන්
 මේ වගේ


 ඔන්න ඔහොමයි HTC ඔරිජිනල් එකක් හොයන්නේ දන්නේ නැති යටත් කියල දෙන්න පුලුවන්නම් share පාරක් දාන්න එහෙනම් මන් ගියා හැමෝටම ජයවේවා......

HTC ඇසින් ගත් හොදම සතියේ චයාරූපය




ඔව් කට්ටියටම කියන්න අපි අලුත් වැඩක් කරන්න තිරණය කරා.. ඒ තමයි අපේ "HTC ඇස" සමුහයේ අපි පොඩි අලුත් වැඩක් කරන්න තීරණය කළා ඒ තමයි ඔයගොල්ලෝ අපේ HTC ඇස ගෘපයේ පල කරන චයාරුප  අතරින් ටිකක් වෙනස් සහ ලස්සනම චායාරූපය තෝරන්න. අපි සැම ඉරිදාවකම සතියේ චායාරූපය අපි මෙම බ්ලොග් අඩවියේ සහ අපේ HTC ඇස ගෘපයේ පලකරන බව සතුටින් දැනුම් දෙමු...

මිට HTC ඇස ඇඩ්මින් මඩුල්ල..
මනුෂ අමල්

චරණ හර්ෂණ

තිසර සුභාෂ්

ප්‍රවීන් ප්‍රනාන්දු

එරන්ද ද සිල්වා

HTC ONE M8 ගැන විස්තර ටිකක් ...


HTC සමාගම විසින් 2014 වසරේදී හන්දුන්වාදුන් ෆ්ලැග්ශිප් මොඩල් එක තමයි M8 එක.. ඉතින් 2014 අවුරුද්දෙදි හොන්දම පර්ෆෝම් පෙන්නුව,ඒ වගෙම හොන්දම ඩිසයින් එක වගේ ගොඩක් දේවල් මේ ඩිවයිස් එකට ලැබුනා..ඇත්තටම කියුවොත් මේ දක්වා ආපු M සීරියස් ඩිවයිස් වලින් සාර්තකම සහ වැඩිම අලෙවියකින් යුතු ඩිවයිස් එක උනෙත් මේකම තමයි.. ඒ වගේම 2014 වර්ශයේ දී නැනෝ සිම් කාර්ඩ් ඇතුලත් කල හැකි එකම ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් දුරකතනය උනේත් M8 එක තමයි 2014.03.25 තමයි මේ ඩිවයිස් එක ගැන HTC සමාගම අන්දුන්වලා දුන්නේ.. ඒත් මාකට් එකට රිලීස් උනේ නම් පරක්කු වෙලා


--මෙන්න මෙහෙමයි මෙකෙ specifications--

*. මේ දුරකතනය 2012 ෆැල්ග්ශිප් එක උනු M7 එක වගේම 90% ක්ම රලු බාවිතයන් සන්දහා ඔරොත්තු දෙන     මෙටල් යුනිබොඩි එකකින් සාර්තක හා ඉතාම උසස් මට්ටමේ නිමාවක් දකින්න පුලුවන්.
*. අන්ගල් 5 හකින් යුතු සුපර් LCD 3 තිරයකින් සමන්විත වෙන මෙම දුරකතනය සන්දහා Corning Gorilla Glass      3 ආවරනයක් ලබා දී තිබෙනවා
*.  ඒ වගේම 
Quad-core 2.3/2.5 GHz  ප්‍රොසෙසරයෙකෙන් බලගැන්වෙන මෙයට 2GB දාරිතාවයකින් යුතු රැම් මතකයක් සහා 32                   දාරිතවයකින් යුතු ඉන්ටර්නල් මෙමරියක් ලබා දී තිබෙනවා..ඒ වගේම 128GB දක්වා පිටින් මතකයන් ඇතුලත් කිරීමේ හැකියාවද                     පවතිනවා

 ---මෙකේ කැමෙරා එක ගැන කතා කරනවනම්--

*. HTC සමාගම විසින් මින් පෙර කුම්න හෝ සමගමක් විසින් හහුන්වා නොදුන් ඩුවල් කැමරා තාක්ශනය සමගින් අල්ට්‍රාපික්සෙල් තාක්ශනය         බාවිතා කොට තිබෙනවා.DUAL 4MP කැමෙරා කාචයන් දෙකක් අඩංගුමේ තුලින් අඩු ආලෝක තත්වයන් තුල ඉතා උසස් මට්ටමේ චායරූප       ගැනීමේ හැකියාව සහ DSLR කැම්රා සන්දා බාවිතා වෙන එෆෙක්ට් වලට සමාන අන්දමේ චායාරූප ගැනීමේ හැකියාවක් පවතිනවා


(අල්ට්‍රාපික්සල් හා ඩුඕ කැමෙරා පිලිබන්දව ඉදිරියේදි)



HTC ONE M9 ගැන විස්තර ටිකක් ...

හරි අද මන් ඔයගොල්ලන්ට කියන්න යන්නේ HTC ONE පවුලේ  නවතම සාමාජිකයෙක් වන HTC ONE M9 ගැන




හරි අපි මුලින්ම M9 එකේ හොද නරක ටිකක් බලමු....


හොද - ඩිසයින් එකේදී කලින් දුරකථන එක්ක බලද්දී වෙනසක් කර තිබෙනවා..
           ඉදිරි පස කැමරාව අල්ට්‍රා පික්සෙල් කැමරාව....

නරක - M8 එකත් එක්ක බලද්දී ලොකු පර්ෆෝමන්ස් වෙනසක් සිදු කරලා නෑ.
            


හරි අපි දැන් බලමු එම්9 එකේ අලුත් වැඩ මොනවද කියලා.


මෙම දුරකතය සමග Dolby digital සවුන්ඩ්ස් අපිට ලැබී තිබෙන නිසා ඉතා පැහිදිලි ශබ්ධ අපිට වෙනත් මාදිලි සමග බලන විට හොද මට්ටමක් බලාගැනීමට පුළුවන්...

තව මෙම දුරකථනය සමග ඔවුන්ගේ නවතම UI සංස්කරණය වන SENSE 7 මෙම දුරකතනයට නිල වශයෙන් එම  සාමාගම විසින් ප්‍රථම වරට ලබා දී ඇත...

Boom Boom Sound සහ Dolby Digital සවුන්ඩ්ස් ලබා දී ඇති නිසා සවුන්ඩ් ගැන කතා කරන්න නම් දෙයක් නෑ..  පට්ට තමයි ඉතින්.තව  ඩුවල් ස්පිකරස්

 Quick Charge 2.0 ඇති නිසා ඔබට ඔබේ දුරකථනය පැය භාගයක් ඇතුලත 60% දක්වා චාර්ජ් කල හැක...



දැන් අපි බලමු මේ ෆෝන් එකේ පෆොමන්ස් මොනවද කියල...

මෙයට නවතම  
Qualcomm MSM8994 Snapdragon 810 Chipset එක භාවිතා කර ඇත. තවද  Quad-core 1.5 GHz Cortex-A53 & Quad-core 2 GHz Cortex-A57 ප්රෝසිසරයකින් සමන්විත නිසා ඔබගේ  වැඩ කටයුතු ඉතා වේගයෙන් කර ගැනීම ඉතා පහසුය.
මෙහි රැම් මතකය 
3 GB වන අතර අභ්‍යන්තර මතකය 32 GB වේ .. මෙයට 128GB දක්වා වැඩි කල හැකි මෙමරි කාඩයක්  සම්බන්ධ කල හැක.. 
මෙහි GPU එක 
Adreno 430 වේ..
කැමරාව


මෙහි ප්‍රධාන  කැමරාව  
20 MP වේ මෙයට ඉතාමත් එළියකින් යුත් dual-LED (dual tone) ධ භාවිතා කර ඇත . තව මෙහි ඉදිරිපස කැමරාවේ ලොකු වෙනසක් කර ඇති බව HTC සමාගම පවසා ඇත.. එය වන්නේ ඉදිරිපස කැමරාවට 4 MP Ultra Pixel කැමරාවක් ගෙන ඇති නිසා ඔබට දවල් කාලයේ මෙන්ම රාත්‍රී කාලයේදී  ඔබට පැහිදිලි  චයාරුප ලබා ගැනීමට හැකිය...

තිරය - Display



මෙහි තිරයේ ප්‍රමාණය අගල් 5 ක් වන අතර 
Resolution 1080 x 1920 pixels සහ 441 ppi -  Super LCD 3 නිසා ඔබට ඉතාමත් පැහැදිලි දසුන් ලබාගැනීමට හැකි වන බව නොඅනුමානය...


ඔබට මෙම දුරකතනය ලබා ගත හැකි වර්ණ - 
Gunmetal Gray, Amber Gold, Silver/Rose gold, Gold/Pink

Chủ Nhật, 31 tháng 5, 2015

HTC Re පුංචි උනාට වැඩ ලොකුයි ...




HTC සමාගම විසින් පසුගිය අව්රුද්දේ සැප්තැම්බර් මාසයේ හදුන්වලා දීපු එකක් තමයි HTC Re Camera කියන්නෙ ....

මෙය ඉතාමත් පුදුම සහගත කැමරාවක් ... මේ කැමරාවෙ අඩංගු වෙන්නේ 16MP කැමරාවක් ..

මෙම කැමරාවට පුළුවන් View Finder ( ඩිස්ප්ලේ එකක් , ඒ කිව්වෙ අපි පොටෝ හරි වීඩියෝ හරි කරද්දි අපි වීඩියෝ කරන එක පෙන්නන ) එකක් නැතුව උනත් පොටෝ හරි වීඩියෝ හරි කරන්න .එතකොට ඔයගොල්ලොන්ට ප්‍රශ්නයක් එනව ඇති කොහොමද මේකෙ වීඩියෝ වෙන දේවල් අපි බලා ගන්නෙ කියල් නේද? ඇත්තටම මේකට රූප පේන එකක් ඕනෙම ඈ මොකද අපේ ඇසේ පරසයට පේන ප්‍රමානෙම මේ කැමරාවෙත් පේනවා ... ඉතින් හරි ලේසි එක .. කෙටියෙන් කිව්වොත් මේකෙ Ultra Wide-Angle Lens එකක් තමා තියෙන්නෙ , ඉතින් තව මොන View Finders ද .. ලොල් ...ඕනෙ නම් පෝන් එකකට කනෙක්ට් කරගන්නත් පුලුවන් ...එතකොට අපි පොටෝ හරි වීඩියෝ හරි කරන එක පෝන් එකේ ඩිස්ප්ලේ එකේ පෙන්නනවා .ඒ කියන්නෙ කැමරාවෙ View Finder එක පෝන් එක විදිහට ..

මේ කැමරාවට මෙමරි කාඩ් ගහන්න පුලුවන් හැකියාව තියනවා .. ඒ වගේම එය උපරිම 128GB දක්වා වෙනකන් ගහන්නත් පුලුවන් ...පෝන් එකක් සමග කනෙක්ට් කරල නොමැති විට ගන්න පොටෝස් වීඩියෝස් ඔක්කොම සේව් වෙන්නෙ කැමරාවෙ මෙමරි කාඩ් එකට ... ඒත් අප් පෝන් එක සමග කනෙක්ට් වෙලා ඉන්නකොට අපිට ඕනෙ නම් පුලුවන් පෝන් එකට ගන්න පොටෝ සේව් වෙන්න හදන්න ...තව පුලුවන් පෝන් එකත් එක්ක කනෙක්ට් වෙලා ඉන්නෙ නැති වෙලාවෙ කැමරාවෙ මෙමරි එකට වේව් උන පොටෝ පෝන් එකත් එක්ක කනෙක්ට් උන වෙලාවට ඔටෝම කැමරාවෙ මෙමරි කාඩ් එකෙ තියන පොටො පෝන් එකට යන්න හදන්නත් ඕනෙ නම් .... ඒ වගේම මේ කැමරාව පෝන් කට කනෙක්ට් වෙන්නෙ WIFI හා Bluetooth තාක්ෂනය ඔස්සේය .....

තව මේ කැමරාවෙන් Live (සජීවී) YouTube වීඩියෝස් කරන්නත් පුලුවන් .. තව
Time Lapse වීඩියෝ කරන්නත් පුලුවන් .... තව Slow Motion වීඩියෝ කරන්නත් පුලුවන් ..

මේ කැමරාව ඔන් කරන්න ඕෆ් කරන බටන් එකක් නෑ .. අපි අතට අරගෙන පොටෝ ගන්න බටන් එක උඩින් අත තිබ්බම ඉබේම තමයි කැමරාව ඔන් වෙන්නෙ ... අපි අත ගත්තම ඉබේම කැමරව ඕෆ් වෙනවා ... ඒක නම් මාර ලේසි වැඩේ නේද ?

විශෙශම දේ තමයි මේ කැමරාව Water and Dust Proof වීම.. ඉතින් ඒක නිසා අපිට මේකෙන් වතුර යට උනත් පොටෝ ගන්න පුලුවන් ...

මේකෙ හැඩය ගැන කතා කරනව නම් මට මුලින්ම මතක් වෙන්නෙ S LON බට කෑල්ලක් ... ලොල් .. හැබයි ඒකේ ලොකු වටිනා කමක් තියනව ... ඒක එහෙම හදල තියෙන්නෙම ඒක පරිහරනය කරන කෙනාගේ පහසුව සදහාම තමයි .. ඒකට හොදම උදාහරන බලාගන්න පුලුවන් පහල තියන පොටෝ වලින්,








මේ කැමරාව අපේ රටේ මුදලින් රුපියල් 29 000.00 /= පමණ වෙනවා ...

වැඩි විස්තර සදහා මෙතනින් ගිහින් බලන්න

වීඩියෝ මෙතැනින් බලන්න 




















Thứ Sáu, 29 tháng 5, 2015

ඔයාගෙ HTC එක ඔරිජිනල් එකක්ද ? ඒක මීට කලින් රූට් කරල සෙල්ලම් දාපු පෝන් එකක් ද ? හොයාගන්න විදිහ මන් කියල දෙන්නම් ...

දැන් HTC වලත් Samsung වල වගේ කොපි හෙවත් ක්ලෝන් දුරකතන එනවා .. ඉතින් අපි සැලකිලිමත් විය යුත්තේ අන්න ඒවා ගැනයි ... ඒවා නම් ගන්නවත් හිතන්න එපා ...

HTC දුරකතනයක් ඔරිජිනල් ද කියල බලගන්න පුලුවන් *#*#3424#*#* යන කෝඩ් එක පෝන් එකේ ඩයල් පෑඩ් එකේ ගහලා ....
ඊට අමතරව  HTC Bootloader එක බලලා හදුනගන්නත් පුලුවන් .... මන් කියල දෙන්නම් දැන් කොහොමද බූට් ලෝඩර් එකට යන්නේ කියල ..

1. මුලින්ම පෝන් එකේ සෙටින්ග්ස් වලට යන්න ... ඊට පස්සේ ඒකේ තියන Power වලට යන්න ඒකේ යටම ඇති Fastboot කියල එකක් .. එහෙම එකක් තියනවනම් ඒකට දාල තියන හරිය අයින් කරන්න ... එහෙම  නැත්තම් අව්ලක් නෑ ..

2. දැන් පෝන් එක ඕෆ් කරන්න ....

3. ඊට පස්සෙ පෝන් එකේ volume අඩු කරන එක ඔබාගෙන ඒක ඔබාගෙන ඉන්න ගමන් ම Power එකත්        ඔබාගෙන ඉන්න ස්ක්‍රීන් එකේ මොකක් හරි එනකන්





4. ඊට පස්සෙ ඔය උඩ තියන පොටෝ එකේ හැඩේට එනවානම් ඒක ඔරිජිනල් එකක් ... ඔය තියන වචන , අකුරු ඒ විදිහටම තියෙන්න ඕනේ නෑ ඔය හැඩේට තියනවනම් ඒක ඔරිජිනල්  HTC එකක් ..


5.ඔය ස්ක්‍රීන් එකේ තියෙද්දිම ලේසී අපිට පෝන් එක කලින් රෝට් කරල සෙල්ලම් දාපු එකක් ද කියල හොයා ගන්න .. ඉන්න මන් ඒකත් ඉයල දෙන්නම් ....

 ඔය උඩ *** LOCKED ***    කියලා තියෙන්නේ පෝන් එකේ බූට්ලෝඩර් එක ...  HTC පෝන් එකක් රූට් කරන්න නම් අනිවර්‍යයෙන් ම බූට්ලොඩෙර් එක අන්ලොක් කරන්න ඕනේ .... ඉතින් ඔතන *** LOCKED ***  කියන එක වෙනුවට *** UNLOCKED ***  කියලා තිබුනා කියන්නේ බූට්ලෝඩර් එක ගොඩක් වෙලාවට අන්ලොක් කරල තියනවා කියන එකයි ...හැබැයි  One M සීරියස් එකේ පෝන් වල එනවා Developer Edition කියලා එකක් ඒකේ නම් කොහොමත් එද්දිම bootloader අන්ලොක් කරලා එන්නෙ ... 



   

ඊට යටින් තියනවනෙ ඔය  M7_UL PVT SHIP S-ON RH  එකක් ... එකෙන්  කියවෙන්නේ මේකයි ...
M7 = පෝන් එකේ කෝඩ් නේම් එක
UL = පෝන් එකේ වර්ශන් එක ... UL කියල තියනවා කියන්නෙ ඒක ඒකේ international වර්ශන් එක ...ඒක වර්ශන් එකෙන් වර්ශන් එකට එනස් එන්න පුලුවන් ..
S-On = phone එකේ බූට්ලෝඩර් සිකියුරුටි සිස්ටම් එක ඔන් එකේ තියනවා කියන එක .. ඔතන  S-OFF කියල තිබ්බා කියන්න සිකියුරිටි එක ඕෆ් කරල කියල තියන එකයි .. ඒක S-OFF කියල නම් තියෙන්නෙ ඔයා ඒ පෝන් එක ගන්න නම් ගියේ ඒ පෝන් එක ගන්න එපා ...ඒක S-OFF කියල තියනව කියන්නෙ අනිවර්‍යයෙන් ම පෝ එක රෝට් කරල පිස්සුම නටල තියනවා කියන එක .. ඒක නිස පෝන් එක ගන්න යනවනම් ඒක ගන්න එපා ...


ඔය bootloader unlocked , s off කියල තියන හැම පෝන් එකක් ම යතා තත්වයට ගන්න පුලුවන් ... මන් ඒක කොහොමද කරන්නෙ කියල පෝස්ට් එකක් ඉදිරියේදී දාන්නම් ....

එහෙනම් මන් ගියා ...ඔයාලට මේක උදව්වක් උනා නම් කොමෙන්ට්යිවක් දාලම යන්න ..
පුලුවන්නම් ශෙයාර් කරන්නත් අමතක කරන්න එපා ..

මොකක්ද මේ HTC Made In Taiwan වලයි Made In China වලයි වෙනස ?

මේ දවස් වල ගොඩක් අයට තියන  ප්‍රශ්නයක් තමයි ඔය මේඩ් ඉන් චයිනා , මේඩ් ඉන් තායිවාන් වල තියන වෙනස ... මම අද ඔයගොල්ලොන්ට ඒක පැහැදිලි කරනවා ....

ඇත්තටම කිව්වොත් ඔය දෙකේම එහෙම කිසිම වෙනසක් නෑ....

තයිවාන් තමයි HTC ලාගේ මව් සමාගම පිහිටල තියෙන්නෙ ... තව චීනයේ ෆැක්ටරියක් තියනවා ... මේ ෆැක්ටරි දෙකෙන් ම හදන දුරකතන වලට දාන්නෙ එකම කෑලි .... ඒවා හදන්නෙ එකම පාර්ට්නර්ස් ලා .. ඉතින් මේ දෙකේ කිසිම වෙනසක් කියන්න නෑ .... ඔය රටවල් දෙකෙන් මොක තිබ්බත් ඒක ගැන බය වෙන්න ඕනේ නෑ ... ඕනේ එකක් ගන්න .. කිසිම වෙනසක් නෑ ... මන් මේ ප්‍රශ්නෙ  HTC ලගෙනුත් ඇහුව .. ඒගොල්ලො කියන්නෙත් රටවල් දෙකක නම් දෙක ගහල තියන එක විතරයි වෙනස් අනිත් කිසිම දෙයක් වෙනස් නෑ කියල තයි .. ඔන්න මන් අහපු එකට HTC ලා පිලිතුරු දීපු එකේ පොටෝ එක ... එකත් බලන්නකො එහෙනම්




එහෙනම් මන් ගියා ...ඔයාලට මේක උදව්වක් උනා නම් කොමෙන්ට්යිවක් දාලම යන්න ..
පුලුවන්නම් ශෙයාර් කරන්නත් අමතක කරන්න එපා ..