Thứ Bảy, 4 tháng 7, 2015

මොකද්ද මේ අල්ට්‍රාපික්සෙල් කියන්නේ ??(CAMERA TIPS PART 3)

ඔන්න කලින් M8 ගැන කියුවා වගේම.. එදා දානවා කියලා පොරොන්දු වුනු අල්ට්‍රාපික්සෙල් ගැන කතා කරන්න හිතුවා.මේ ගැන හරි හැටි නොදන්න අයට මේක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා.

 මේ අල්ට්‍රා පික්සෙල් තාක්ශනේ ලෝකෙට හන්දුන්වලා දුන්නේ HTC එකම තමා..මේක එයාලගෙම ටෙක්නොල්ජි එකක් මිසක් කාගෙන්වත් හොරකම් කරපු එකක් එහෙම නෙමේ.මුලින්ම අල්ට්‍රා පික්සෙල් කැමෙරා එකක් ආවේ අපි කවුරුත් දන්න ONE family එකේ ප්‍රථමයා වුනු M7 මලයන්ඩිට.මේවගෙම කැම්රා දෙකක් එක්ක ඊට වඩා ප්‍රොෆොශෙනල් මට්ටමේ ඉමේජ් චිප්,සෙන්සර්ස් සහිත කැමරාවක් තමා  M8 එකට බාවිතා  කරලා තියෙන්නෙ


  අල්ට්‍රා පික්සෙල් කියන්නේ නෝමල් මෙගාපික්සෙල් වල පික්සෙල් සයිස් එකට වඩා පික්සෙල් සයිස් එකෙන් ලොකු කියන අදහසයි,ඒ වගේම මේකෙ තියෙන විශේසත්වය තමයි අඩු ආලෝක තත්වයන් වලදි නොර්මල් මෙගාපික්සෙල් සෙන්සර් එකකට වඩා 300% ගුනයකින් ආලෝකයට සංවේදි වැඩීවීම(පික්සෙල් සයිස් එක ලොකු වෙන්න වෙන්න කැම් එකේ ලොව් ලයිට් වලදි පෙර්ෆොර්ම් කරනවා) ඒ වගෙම 300MS(M8 වල විතරයි) වැනි සුලු කාලයක්දි ඉක්මනින් ඔටෝ ෆෝකස් කිරීමේ හැකියාවක් පවතිනවා මේ නිසා DSLR මට්ටමේ චායාරූප වලට සමාන අන්දෙමේ චායාරූප ලබාගැනීමේ හැකියාව පවතිනවා.


  හැම දේකම හොන්ද පැත්ත වගේ නරක පැත්තත් තියනවනේ.. 4අල්ට්‍රා පික්සෙල් කැම් එකේ තියෙන පුංචි අඩුපාඩුවක් තමා රෙසලූශන් මදිකම ඉතින් මේ නිසා පික් එකේ zooming dtails 13මෙගාපික්සෙල් වගේ කැමෙරා එකක් එක්ක බලනකොට අඩු ගහතියක් පේනවා,මම කියුවේ zooming dtails හොන්දේ පික් එකේ කොලිටි මදි කියලා නෙමේ ඔන්න,ඒත් ඒක ලොකූ අඩුපාඩුවක් නම් නෙමේ මොකෝ අපි බැනර් ඇඩ් වගේ ගහන්න ෆෝන් එකෙන් ෆොටෝ ගන්නේ නෑනෙ ඉතින් අපේ ගොඩක් අය හිතන් ඉන්නේ මෙගා පික්සෙල් වැඩි වෙන්න වෙන්න කොලිටි එක වැඩී කියලයි ඒත් එහෙම වෙන්නෙ නෑ මෙගාපික්සෙල් වැඩි වෙන්න වෙන්න වෙන්නේ රෙසලූශන් වැඩි වෙන එකයි,හරියට ටී.වී එකක අන්ගල් ගාන වැඩි වෙනකොට සයිස් එක වැඩි වෙනවා වගේ (මේ පහලින් දාලා තියෙන්නේ 4Mp එකෙන් ගනිපු ෆොටෝස්)

1.Day Light (M8)


2.M7



3.Low Light (M8 10.42PM)


කැමෙරා ටිප්ස් පාර්ට් 1 ගැන බලන්න මෙතන ක්ලික්ක් කරන්න  
DUO EFFECTS ගැන බලන්න මෙතන ක්ලික් කරන්න

 එහෙනම් මං ගියා  ඊලගට Duo Effect ගැන දාන්න තමා හිතන් ඉන්නේ,මේ පෝස්ට් එක ප්‍රයෝජනවත් උනා කියල හිතෙනවනම් කොම්මෙන්ට් එකක් දැම්මට,අඩුපාඩු තියනවනම් පෙන්නුවට පාඩුවක් නෑ නිකන්ම නිකමා වගේ බලලා යන්නෙ නැතුව ;)

ඔයාගෙ HTC පෝන් එකෙන් හොද පොටෝස් ගන්න පොඩි උපදෙස් ටිකක් .. { 1 කොටස }

මේක දාන්න හිතුවෙ ගොඩක් අය HTC කැමරාවෙ තියන වැඩ කාලි , එව්ව මෙව්ව දන්නෙ නැති අය ඉන්න නිසයි .. එහෙනම් වැඩේට බහිමු ..

1. ඔයගොල්ලොන්ගෙ HTC එකේ Video කරද්දි ඔටෝ ෆෝකස් වෙන්නෙ නැද්ද ? ඒකට හේතුවක් තියනවා .. ගොඩක් ඉන්ටර්නෙට් එකෙ රිවිව් වල දාල තියෙන්නෙත් HTC එකෙ වීඩියො වලදි ඔටෝ ෆෝකස් නෑ කියල ... දැන් කියන්නම් කිසිම ඉන්ටෙර්නෙට් එකේ රිවි එකක් බලල , කිසිම පෝන් එකක තත්වයක් නම් මනින්න එපා .. මොකද රිවිව් කරන එකාත් සමහර දේවල් දන්නෙ නෑ ...

එහෙනම් ඒක මෙන්න මෙහෙමයි හදාගන්නෙ ,

පෝන් එකෙ කැමරාව ඕපන් කරගන්න ,
දන් පහල මන් රවුම් කරල තියන බටන් එක ඔබන්න
දැන් මේක ඔබන්න
ඊට පස්සෙ මේක ඔබන්න
දන් ඔය රවුම් කරල තියන කට අරියක් දාලනම් තව පාරක් ඔබල ඒක අයින් කරන්න

පෝන් එකෙ කැමරාව ඕපන් කරගන්න ,

දන් පහල මන් රවුම් කරල තියන බටන් එක ඔබන්න 



දැන් මේක ඔබන්න


ඊට පස්සෙ මේක ඔබන්න


දැන් මෙහෙම වෙයි .. ඊට පස්සෙ හරි ...




+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================







හරි දැන් ඊලග එක .....

ආයෙත් අර උඩ මන් කියල තියන පිලිවෙලටම කලින් ගිය හැනටම යන්න ..
මන් ඒකෙ තියන ඉතුරු ටික පොඩ්ඩක් විස්තර කරල දෙන්නම්




1. උඩ පොටෝ එකේ එක කියල තියන එකෙන් කියවෙන්නෙ , පොටෝ එකේ ඉන්න කෙනා හිනා වෙද්දි ඉබේම පොටෝ එක වදින එකට ...ඒක ඕනෙ නම් ඔන් කරගන්න ...

2. ඔය දෙක කියල තියන කෙන් කියවෙන්නෙ , ඔයා කටින් කියන එකට අනුව ඉබේම පොටෝ හරි වීඩියෝ හරි වෙන එකටයි .. ඒක වෙන්නෙ මෙහෙමයි ... ඒක ඔන් කලාම , ඔයා කටින්

 
 
     **   Cheese (චීස්) හෝ  Capture (කැප්චර්) කිව්වම ඉබේම පොටෝ එක වදිනවා .....
     **   Action (ඇක්ශන්) හෝ Rolling (රෝලින්ග්) කිව්වම ඉබේම වීඩියෝ වෙන්න ගන්නවා

3. ඔය තුන් වෙනි එකෙන් තියෙන්නෙ ඔය ටච් කරල කොහෙ අරි ෆෝකස් කරපු ගමන් ඉබේම පොටෝ එක වදින එකට ...

4. ඔය හතර වෙනි එකෙන් තියෙන්නෙ මොකක්ද කියල නම් ඔයා දන්නව ඇතිනෙ ... උඩ එකේ කියල දුන්නෙ මන් ඕක ගැන නිසා ...


+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


දැන් ඊලග ......

මේකට යන්න ,


දැන් මේකට

දැන් මේකට


දැන් මෙහෙම එයි,


1. ඕකෙ එක කියල තියන එකෙන් කියවෙන්නෙ පොටෝ එක HD වගේ වයිඩ් ඈන්ගල් එකට වදින මෝඩ් කට දා ගන්න එක ...

2.දෙක කියල දාල තියන  වෙන්නෙ පොටෝ එක වයිඩ් නැතුව නිකන් වදින එකටයි , තේරිනෙn ඇත්තම් දාල බලන්න තේරෙයි  ( 13MP කැමරාවක් නම් තියෙන්නෙ මේ මෝඩ් එක තෝරන්න මොකඩ නියම 13MP යූස් කරන්න පුලුවන් එතකොටයි ....

3. තුන කියල දාල තියන එකෙන් කියවෙන්නෙ කොටුවක විදිහට පොටෝ එක වදින එක ... තේරුනේ නැත්තම් කරල බලන්න ...


+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


දැන් ඊලග එක ....,

කලින් ගිය විදිහටම් යන්න , ..

දැන් මේක ඔබන්න




දැන් මෙහෙම එකක් එයි 



1. ඔතන එක ඉයල දාල තියන එකෙන් කියන්නෙ  පොටෝ එක ගන්න බටන් ක ඔබාගෙන හිටියම එක දිගට පොටෝ වදින එක ඕෆ් කරන්නද ඔන් කරන්නද කියල  එක ..

2. දෙක කියල තියන එකෙන් කියන්නෙ එහෙම ඔබාගෙන ඉඩිඩ්ඩි වඩින පොටෝ ප්‍රමානය පොටෝ 20 කට පමනක් සීම කරන්නද එපාද කියන එක ...

3. තුන එකෙන් කියන්නේ එහෙම එකදිගට ඔබාගෙන ඉඩල ඕනෙ පොටෝ ගාන වැදුනට පස්සෙ ඒක රිවිව් කරන්නද එපාද කියල කියන එක ....



+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================

දැන් ඊලග එක එහෙනම් ...

කලින් ගිය විදිහටම යන්න ..

මේක ඔබන්න


දැන් මෙහෙම එකක් එයි


ඕකෙ කියල තියෙන්නෙ අපි පොටෝ එකක් ගත්තම , ඒ ගත්තට පස්සෙ ගත්ත පොටෝ එක පෙන්නන වෙලාව තෝරන්නයි ...

ඔයාට කැමති ගානක් තෝරන්න පුලුවන් ඔතන තියන ,


+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


දැන් ඊලග එක ..

කලින් ගිය විදිහටම යන්න

දැන් මේකට යන්න


මේකෙන් වෙන්නෙ අපි පොටො එක ගන්න කලින් ටයිමර් එකක් ඔන් කරන්න ඕනෙද ? ඒක කොච්චර වෙලාවක් තියන්න ඕනෙද කියන එකයි ...



+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


ඊලගට ,

කලින් ගිය විදිහටම යන්න


මෙතනදි නම් පොටෝ එකේ සයිස් එක තමයි තෝරන්න අහන්නෙ .. ඒ කියන්නෙ මෙගාපික්සල් ගාන ... ළර්ගෙ තියන එක තමා හොද ඉතින් ... අනිත් ඒව සයිස් එකෙන් පොඩී .. ඒ කියන්නෙ මෙගාපික්සල් ගාන අඩුයි ... මෙගාපික්සල් ගාන අඩු උනා කියල කොලිටි එක අඩු වෙන්නෙ නෑ මොකද මෙගාපික්සල් කියන්නෙ පොටෝ එකේ සයිස් එක මිසක් පොටෝ එකෙ කොලිටි එක නෙමෙයි .. ගොඩක් අය ඕක වැරදියට වටහාගෙන තියනවා...මන් හිතනවා තේරෙන්න ඇති කියල ... තේරුනේ නැති මොනව හරි තිබ්බ නම් කොමෙන්ට්යිවක් දාන්න ..

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


ඊලග

කලින් ගිය විදිහටම යන්න

දැන් මේක ඔබන්න


මෙතන නම් තියෙන්නෙ ඉමේජ් එකේ එජස්මන්ට් එක වෙනස් කරන්නයි ... මම නම් කියන්නෙ ඕකෙ ඔය පොටෝ එකේ තියන විදිහට තියන එක තමයි හොද... මන් කියල දෙන්නම්  මොකක්ද ඔය තුනෙන් වෙන්නෙ කියල ..

එක කියල තියන එකෙන් වෙන්නෙ පොටෝ එකේ පාට තද වැඩි හා අඩු කරන එකයි .. මට ඒකට කියන අචනෙ නම් තේරෙන්නෙ නෑ .. එත් ඔයගොල්ලොන්ට අයිඩිය ක ගන්න පුලුවන් වෙවි කියල මන් හිතනව ... තේරුනේම නැත්තම් කරල බලන්න ..

දෙක කියල තියන එකෙන් කරන්නේ පොටෝ එකේ පාටවල් වැඩි කරන එක ...

තුන කියල තියන එකෙන් කරන්න් පොටෝ එකේ පොටෝ එකේ ඩීටෙල්ස් වැඩි කරන එක .. ඒ උනත් මේක ඔය තියන විදිහට තමා තියන්න සුදුසු කියල් මන් කියන්නේ ....

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


ඊලග ..

කලින් ගිය විදිහටම යන්න

දැන් මෙක ඔබන්න




මෙතන නම් කියන්නෙ වීඩියෝ කරද්දි , කෙරෙන්න ඕනෙ කොලිටි එක ගැනයි ... එක කියල තියන එක තමයි කොලිටි එකෙන් වැඩිම ... ඒක ෆුල් එච් ඩී ...  පිලිවෙලින් අනිත් ඒවගෙ සයිස් එක අඩු වෙනවා ...


+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


ඊලග ..

කලින් ගිය විදිහටම යන්න

දැන් මෙක ඔබන්න



දැන් මෙහෙම එකක් එයි




ඕකෙ Grid කියල තියන එකෙන් වෙන්නෙ ඔයාට පොටෝ එකක් ගද්දි හන්න ඔබ්ජෙක්ට් එක හරියට මැනල ගානට පොටෝ  ගන්න පුලුවන් වීමයි ... ඒක පොටෝග්‍රැපි වගේ කරන කෙනෙක් ට ගොඩක් වටිනවා ....

Geo-tag Photos කියන එකෙන් කරන්නෙ අපි ගන්න පොටෝ එකේ ඉස්තානය සේව් කරගන්න එකයි ... එතකොට අපිට බලා ගන්න පුලුවන් අපි එ පොටෝ එක් ගත්තෙ කොහෙදිද කියල

Shutter Sound කියන්නෙ පොටෝ එක ගද්දි එන සද්දෙටයි ...

** ඔය තුනම ඔයාලට ඕනෙ නම් ඔන් කරගන්න පුලුවන් නැත්තම් ඕෆ් කරගන්න පුලුවන් **

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


ඊලග ..

කලින් ගිය විදිහටම යන්න

දැන් මෙක ඔබන්න


මේක නම් තියෙන්න් ඩිසයර් අයි එකට විතරයි .. මේකෙන් තියෙන්නෙ කැමරා බටන් එක එබුවම ඔන් වෙන ඕනෙ කැමරා මෝඩ් එක තෝරන්න ..

selfie කැමරා කියන්නෙ ඉස්සරහ කැම් එක ඔන් වෙන්න
main කැමරා කියන්නෙ පස්සෙ කැමරාව ඔන් වෙන්න
last camera used කියන්නෙ අන්තිමට යූස් කරපු කැමරා මෝඩ් ක ඔන් වෙන්න ..


+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


ඊලග ..

කලින් ගිය විදිහටම යන්න

දැන් මෙක ඔබන්න


මේක කැමරාව ඔන් කරාට පස්සෙ වොලියුම් එක අඩු වැඩි කරන බටන් මොනවටද යූස් කරන්නෙ කියල තෝරන එක ..

Volume කියල තියෙන්නෙ සද්දෙ අඩු වැඩි කරන්න
Capture කියල තියෙන්නෙ වොලියුම් බටන් කක් එබුවම පොටෝ එක වදින්න හදා ගන්න
Zoom  කියල තියෙන්නෙ වොලියිම් බටන් එබුවම සූම් වෙන්න ...


+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


ඊලග ..

කලින් ගිය විදිහටම යන්න

දැන් මෙක ඔබන්න



ඕකෙ අහන දේ නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ ..
මේකෙ අහන්නෙ ගන්න පොටෝ පෝන් මෙමරි එකටද නැත්තම් මෙමරි කාඩ් කටද සේව් කරගන්න ඕනෙ කියල ...


+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


ඊලග ..




හරි .... 
උඩ පික් එක ගැන මන් පොඩි විස්තරයක් කරන්නම් 


1. එක කියල දාල තියෙන තැනින් තමයි ෆ්ලෑශ් එක ඔන් ඕෆ් කරන්නෙ ... 

2.දෙක කියල දාල තියන තැනින් තමයි කැමරා මෝඩ් එක සිලෙක්ට් කරන්නෙ 

3. තුන කියල දාල තියෙන්නෙ වීඩියෝ මෝඩ් එක තෝරන එක .....

4. හතර කියල දාල තියෙන්නෙ ISO තෝරන එක .. මේක ගොඩක් වටින්නෙ කරුවල තැන් වලටයි ... ඒත් මේක ඔටෝ කියන එකට දාල තියන එක වගේ තමයි හොද ......

5. පහ කියල දාල තියෙන්නෙ EV ගාන තෝරන එක ... ඒ කියන්නෙ එක්ස්පෝශර් ලෙවල්ස් .. මේක ගොඩක් අටින්නෙ ඔයා එක තැනක් ෆෝකස් කරද්දි එතනට එලිය ඇවිල්ල අනිත් ටික අසීමිත ලෙස සුදු වෙලා යනව නම් ඔතනින් ඒක බැලන්ස් කරගන්න පුලුවන් ... ඒකෙම අනිත් පැත්තත් කරන්න පුලුවන් ...

6. හය කියල තියෙන්නෙ වයිට් බැලන්ස් තෝරන එක ... මන් මේක ගැන වැඩි විස්තර දාන්නම් ඊලග ස්ටෙප් එකේ ..

7. හත කියල තියෙන්නෙ සෙටින්ග්ස් බටන් එක ..මන් මීට උඩ පොටෝ වල පෙන්නල තියන ඒවට යන්නෙ ඔය හත කියල දාල තියන  තමයි ..

8. අට කියල දාල තියෙන්නෙ අපි පොටෝ එකක් ගත්තම ගැලරි එකටනෙ සේව් වෙන්නෙ .. ඉතින් ගන්න පොටෝ එක බලන්න පුලුවන් 8 කියන තැන ඔබල ...

9.නවය කියල දාල තියෙන්නෙ අපි පොටෝ එකක් ගද්දි ඔබන්න ඕනෙ තැනයි ... එතන එබුවම තමයි පොටෝ එකක් වදින්නෙ

10. දහය කියල තියෙන්නෙ ෆෝකස් පොයින්ට් එකට ... ඔය 9 ඔබන්න කලින් 10 පවිච්චි අරන්න ඕනෙ .. එතකොට තමයි හොද පොටෝ එකක් ගන්න පුලුවන් .. මන් කියල දෙන්නම් කොහොමද 10 පවිච්චි කරන්නෙ කියල .. ඔයා ගන්න පොටෝ එකේ මොකක් හරි තැනක් ඇතිනෙ ඔයාට ගන්න ඕනෙ කරන .. ඒක කොතනද තියෙන්නෙ කියල බලල එතන ටච් කරන්න පෝන් එකේ .. එතකොට අන්න එතන ෆෝකස් වෙයි... ඊට පස්සෙ තමයි ඔයා 9 පාවිච්චි කරන්නෙ .. තේරෙන්න ඇති කියල හිතෙනවා ..

11. එකොලහ ඉයල තියෙන්නෙ ඔයා වීඩියෝ කරන්න ඕනෙ නම් වීඩියෝ එක රෙකෝඩ් වෙන්න ඔබන බොත්තමයි ... වීඩියෝ මෝඩ් එක ගැන මන් ෆුල් විස්තරයක් දානව පහල .. මේක හදුන්වා දීමක් විතරයි

12. කියල තියෙන්නෙ කැමරා මෝඩ් එක තෝරන තවත් තැනක් .. එතන ඔබල ඔයාට mමෝඩ් එක තෝරන්න පුලුවන් .. ඒක ගැනත් ෆුල් විස්තරයක් මන් පහල දානව ..


+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


ඊලග ..





ඔතන

1. එක කියල ආල තියෙන්නෙ ඔටෝ කැමරා මෝඩ් එක .. ඒකෙන් තම ඔයගොල්ලො නිකන් පොටෝ ගද්දි පොටෝ වදින්නෙ ....

2. දෙක කියල දාල තියෙන්නෙ නයිට් මෝඩ් එක ... කරුවල වෙලාවට ඔටෝ එකෙන් හරියට එලිය වෙලා වදින්නෙ නැත්තම් මේක පොඩ්ඩක් උදව් වේවි ...

3. තුන කියල දාල තියෙන්නෙ HDR (High Dynamic Range) මෝඩ් එක ... මේක ගොඩක් වටින්නෙ ගොඩක් බැලන්ස් උන පොටෝ එකක් ගන්න .. තව කරුවල වෙලාවටත් ටිකක් වටිනව ..

මේ තියෙන්නෙ HDR දාන්නෙ නැතුව ඔටෝ දාල ගහපු පොටෝ එකක් ..


මේ තියෙන්නෙ HDR දාල ගහපු පොටෝ එකක් ..



4.හතර කියල දාල තියෙන්නෙ ANTI-SHAKE කියන එකට .. ගොඩක් ගැස්සෙන තැනක නැත්තම් පෝන් එක හෙල්ලෙන තැනක නම් පොටෝ එක ගන්න ඔය මෝඩ් එක ඔන් කරල ගන්න එතකොට පොටෝ එක හෙල්ලිලා වදින එක  නවත්තගන්න පුලුවන් ..

5.පහ ඉයල ආල තියෙන්නෙ මැනුවල් මෝඩ් එකට ... ඒකෙන් ලොකු ඩී.එස්.එල්.ආර් කැමරාවකින් වගේ අපිට මැනුවල් විදිහට හදාගෙන පොටෝ ගන්න පුලුවන් .. මන් ඒක ගැන විස්තරයක් දානවා පහල..

6.හය කියල දාල තියන එක වටින්නෙ කාගෙ අරි පොටෝ එකක් ගන්න වෙලාවට තමයි .... ඒක ග්නැන ලොකු විස්තරයක් කරන්න දෙයක් නෑ

7.හත කියල දාල තියෙන්නෙ ලෑන්ඩ්ස්කේප්  මෝඩ් එක ... ඒක වටින්නෙ ලොකු දර්ශනයක් ගන්නකොට වගේ තමයි ...මේකත් අර 6 එකේ අනිත්පැත්ත වගේ තමයි ...

8.අට කියල දාල තියෙන්නෙ ටෙක්ස්ට් මෝඩ් කට ... අකුරු වල පොටෝ එහෙම අද්දි මේ මෝඩ් එකෙන් පැහදිලිව ගන්න පුලුවන් .. ඊට අමතරව ඔයා මොකක් හරි පොටෝ එකක් ගන්නවනම් ඒ පොටෝ එක ඔයාට ටිකක් පාට වැඩි වෙලා අගේ පේන්න ඕනෙ නම් මේ මෝඩ් එක දාල ගන්න පුලුවන්

මේ තියෙන්නෙ ටෙක්ස්ට් මෝඩ් එක දාන්නෙ නැතුව ගත්ත පොටෝ එකක් ....



මේ තියෙන්නෙ ටෙක්ස්ට් මෝඩ් එක දාල ගත්ත පින්තූරය ...



9.නවය කියල දාල තියෙන්නෙ ඔයාට පොඩි පොඩි තැන් වල , ඒ කියන්නෙ ලග පොටෝ ගන්න වෙලාවකදි තමයි මේක වටින්නෙ ...මේක ගැනත් එහෙම ලොකු ඉස්තරයක් නැ කරන්න .....

10.දහය කියල තියෙන්නෙ ඔය ඔය 1 2 3 4 ... තෝරන ඒවගෙ නම වැටෙන තැනට ....දැන් ඒ පොටෝ එකේ මන් ඔටෝ මෝඩ් එක තෝරලා නිසා එතන වැටිල තියෙන්නෙ Auto කියල ...




+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


ඊලග ..




මේ තියෙන්නෙ වීඩියෝ මෝඩ් වල තියන ඒවා ..

1. එක කියල දාල තියෙන්නෙ නොර්මල් අපි කලින් තෝරල තියන කොලිටි එකේ විදිහට වීඩියෝ වෙන මෝඩ් එක.. ඒ ඉයන්නෙ නෝර්මල් මෝඩ් එක ..

2.දෙක කියල දාල තියෙන්නෙ ෆාස්ට් ෆුල් එච් ඩී හෙවත් වේග ෆුල් එච් ඩී කියන ඕඩ් එකයි ...

3.තුන කියල දාල තියෙන්නෙ ස්ලෝ මෝශන වීඩියෝ මෝඩ් එකට .. මේකෙන් නිකන් වීඩියෝ එක මේ මෝඩ් කෙන් වීඩියෝ කලොත් අපිට පුලුවන් ඒ වීඩියෝ එක හෙමින් ප්ලේ වෙන විදිහට බලන්න ..කරල බලන්න එතකොට තේරෙයි

4. හතර කියල දාල් තියන්නෙ කලින් වගේම අපි ඔය තෝරන මෝඩ් වල නම වැටෙන තැනටයි ..



+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


ඊලග ..




මේ තියෙන්නෙ ISO තෝරන තැන .....

මෙතන ඔය 1, 2 , 3, 4 , 5, කියල දාල තියෙන්නෙ අයි.ඇස්.ඕ වැලිව්ස් වලට ... ISO කියල කියන්නෙ ඕනෙම කෙනෙක් ට තේරෙන බාශාවෙන් කිව්වොත් පොටෝ එකට එන එලියටයි .. මෙතනින් පුලුවන් අපිට ඒ පොටෝ එකට එන එන එලිය ප්‍රමානය කොන්ට්‍රෝල් කරන්න ඔය තියන වැලිව්ස් වලින් ..මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නෙ නැතිවෙයි ගොඩක් අයට .. එහෙම අය ඔය ISO AUTO  කියල තියන එක දීල් තියන්න වෙන ඒවා මාරු කරන්න ඕනෙ නෑ ..

ඔය 6 කියල දාල තියෙන්නෙ  ඉතින් කලින් වගේම තෝරන එකේ නම වැටෙන තැනටයි ..


+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


ඊලග ..



මේ තියෙන්නෙ පොටෝ එකේ නිරාවරනය වන ස්තාන හදන මෝඩ් එක ඒ කියන්නෙ Exposure Levels හදන තැන..


මෙතනත් ඉතින් වෙන්නෙ පොටෝ එකේ නිරාවරනය විය යුතු තැන හදන එකට තමයි .. සරලව කිව්වොත් මෙකත් අර එලිය කොන්ට්‍රෝල් කරන තැනක් වගේ තමයි ... මෙහෙම කියද්දි තේරෙන්නෙ නැති වෙන්න පුලුවන් .. ඒත් කරල ලන්න එතකොට තේරෙයි .. හැබයි ඕකෙත් අර EV+0 කියල තියන එකට කොඉ වෙලෙත් හීල තියන ක තමා හොද ඕක ගැන දන්නෙ නැති කෙනෙක් .. එත් දන්නෙ නැති කෙනෙක් ට උනත් කරල බලල අයිඩියා එකක් ගන්න පුලුවන් ....


+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


ඊලග ..




මෙතන

1. එක කියල දාල තියෙන්නෙ ඉස්සරහ කැමරා එකට යන එකටයි ..

2. දෙක කියල දාල තියෙන්නෙ පිටුපස කැමරාවට යන  මෝඩ් එකටයි

3. තුන කියල දාල තියෙන්නෙ පැනෝරාමා මෝඩ් කට යන එකටයි .. මේ ඕඩ් ක ගැන විස්තරයක් මන් පහල දානව ..

4.හතර කියල දාල තියෙන්නේ  ක්‍රෝප් මී ඉන් කියන ඔප්ෂන් එකට .. මේක දැනට තියෙන්නේ HTC Desire EYE හා m8 eye  එකට පමණයි ...කරල බලන්න එතකොට තේරෙයි

5. පහකියල දාල තියෙන්නෙ පොටෝබූත් මෝඩ් එකටයි .. ඒක ගැන වැඩිපුර දැනගන්න මේ වීඩියෝ එක බලන්න



6. හය කියල තියෙන්නෙ ස්ප්ලිට් කැප්චර් මෝඩ් එකටයි .. ඒක ගැන වැඩිපුර දැනගන්න මේ වීඩියෝ එක බලන්න



7. හත කියල තියෙන්නෙ මන් අර උඩම මන් දාල තිබ්බ සෙටින්ග්ස් බටන් එකටම තමයි ......





+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


ඊලග ..





මේ තියෙන්නෙ අපි වීඩියෝ කරද්දි අපිට පෙනෙන්න තියන විදිහයි ...

1.එක කියල දාල තියෙන්නෙ අපි වීඩියෝ කරන අතර තුරදී කරුවල තැනක් එහෙම අහු උනොත් අපිට මෙතනින් පෝන් එකේ ෆ්ලෑශ් ලයිට් එක ඔන් කරගන්න පුලුවන් .. ඕනෙ නැති වෙලාවට ආයෙ ඕෆ් කරගන්න පුලුවන් වීඩියෝ කරන අතරතුරදීම ....

2. දෙක කියල දාල තියෙන්නෙ අපි වීඩියෝ කරන අතරතුරදී වීඩියෝ කිරීමට් ඕනෙ නැති තැනක් තිබුනොත් එතන නැතුව ආයෙ අපිට ඕනෙ තැන ඉදන් වීඩියෝ කරන් යන්න පුලුවන් බටන් එකයි ... සරලව කිව්වොත් වීඩියෝ එක එක තැනකදී නතර කරල ආයෙ ඒ වීඩියෝ කටම , නතර අරපු තැන ඉදල ආයෙ වීkඩියෝ අරන්න පුලුවන් බටන් එක .. ( තේරුනේ ඇත්තම් කරලම බලන්නකො එතකොට තේරෙයි ....

3.තුන කියල දාල තියෙන්නෙ අපි කරන වීඩියෝ එක අවසන් කරන්න ඔබන බටන් එක සහ වීඩියෝ එක කරන වෙලාව වැටෙන තැනටයි

4.හතර කියල දාල තියෙන්නෙ අපි වීඩියෝ එකක් කරන අතර තුරදී පොටෝ එකක් ගන්න ඕන උනොත් ඔබන්න ඕනෙ බටන් එකයි .. ඒක එබුවම වීඩියෝ wඑද්දිම පොටෝ එකක් වැදිල ඉබේ ඔයාගෙ පෝන් එකට සේව් වෙනව ,,



+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
==========================================================================


ඊලග ..






මේ තියෙන්නෙ පැනෝරාමා මෝඩ් එකයි ... මේකට යන විදිහ මන් උඩ කියල දීල තියනවා  


මෙතනින් පුලුවන් අපි දන්න විදිහට පැනෝරාමා පොටෝස් ගන්න ... අර පොටෝ ගන්න බටන් එක ඔබලා ඔයාට හෙමීට ගන්න ඕනෙ පරාසයට කැමරාව ඇදගන යන්න විතරයි තියෙන්නෙ .. ඔයාට අන්න ඕනෙ පරාසය අරගෙන ඉවර උනාම ආයෙත් අර පොටෝ ගන්න ඕනෙ බටන් එක ඔබල නතර කරන්න පුලුවන් ..


 මේ තියෙන්නේ එහෙම ගත්ත පැනෝරාමා පොටෝ එකක් ...




තව පැනෝරාමා මෝඩ් එකක් තියනව HTc ලගෙ ... ඒකට කියන්නෙ පෑන් 360 කියල ... ඒකෙන් අපිට අපි ඉන්න මුලු වටපිටාවම එක පින්තූරයකින් ගන්න පුලුවන් ... ඒ කියන්නෙ අංශක 360 ම ගන්න පුලුවන් ...ඒ මෝඩ් ක තියෙන්නෙ ඔය මන් උඩ පැනෝරාමා මෝඩ් එකේ (ගත්ත පොටෝ එකේ නෙමෙයි ඊට උඩ එකේ ) දාල තියන පින්තූරයේ Sweep කියල තියන තැනට යටින් තියනවනෙ නිල් පාට වෙලා එකක් .. ඒක තමයි අපේ නෝමල් පැනෝරාම එක .. ඊට එහා පැත්තෙ තියන අයිකොන් එක තමයි අර 360 ම ගන්න පුලුවන් මෝඩ් එකට යන එක .. ඒක ඔබල ඔයාට ඒ mමෝඩ් කටy අන්න පුලුවන් .. එහෙම උනාම මෙහෙම එයි එ මෝඩ් එක ..


ඕකෙ ඔය සුදු කොටිවට අරන් ගියාම කැමරා එක එක පොටෝ එකක් වදිනව .. ඔයා ඊට පස්සෙ එහෙම වටේම අරන් ගිහින් බලන්න ඔය වගේ සුදු කොටු ගොඩාක් ඔයාට දකින්න ලැබෙයි .. ඒවට ඔයා අරගෙන ගිහින් අර මුලින් ගත්ත විඩිහටම පොටෝ ගන්න .. ගන්න දෙයක් න සුදු කොටුවට අරන් ගියාම පොටෝ ක ඉබේම වදිනවා .. තේරුනේ නැත්තම් ගිහින් කරලම බලන්න එතකොට තේරෙයි ... ඒක පට්ට .. මේ වීඩියෝඑක බලන්නකො තේරෙයි .. මේ වීඩියෝ එකේ පෑන් 360 මෝඩ් එකට යන විදිහ නම් ඔයාගෙ කේ තියෙන්නෙ මන් කියල තියන විදිහට යන්න උඩ ..



දැනට මෙපමනයි ... තව ගොඩාක් කැමරා වෙන් කරන්න පුලුවන් දේවල් ඔයගොල්ලොන්ට පෙන්නන්න තියනව .. 2 වැනි කොටසින් මන් ඒවා අරන් එන්නම් ... එහෙනම් ජය වේවා ..
සුභ අනාගතයක්!


 යන ගමන් කොමෙන්ටුවකුත් දාලම යන්න 
මේක අනිත් අයටත් දැනගන්න වටේ බෙදා හරින්න ..

Thứ Sáu, 3 tháng 7, 2015

HTC ගැන තියෙන ප්‍රශ්න සහ ඒවාට උත්තර.

ගොඩ කාලෙකින් තමයි පොස්ට් එකක් දාන්නේ... :D    හරි අද මන් ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් දෙයක් ගැන තමයි කියන්න යන්නේ... ගොඩක් අපේ ගෘප් එකේ කට්ටිය හැමතිස්සෙම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න යන්නේ...



1. HTC හදන්නේ කොහෙද?
*  HTC වල මව් සමාගම තියෙන්නේ තායිවාන් වල තව HTC දැනට රටවල් දෙකක් හදනවා ඒ තමයි                 තායිවානය සහ චීනය ඔය මොන රටකින් ෆෝන් එක හැදුවත් ෆෝන් එකේ කොලිටි එක පොඩ්ඩක්වත් බාල වෙන්නේ නෑ.. ඒ ගැන වැඩි විස්තර මෙතනින්




2. HTC හැම ෆෝන් එකකම පින්ක් ඉශු එනවද?
*  නෑ HTC හැම ෆෝන් එකකම පිනක් ඉශු එන්නේ නෑ .. ආවේ One m7  2013 සමහර ඒවා වලයි HTC Butterfly S සමහර ඒවා වලයි විතරයි .. ඒ ගැන වැඩි විස්තර මෙතනින්.



3. HTC වල Sense UI කියන්නේ මොකක්ද?
* සෙන්ස් යු.අයි කියන්නේ HTC ලගේ UI එක ඒ ගැන වැඩි විස්තර  මෙතනින්.


4. HTC  වල සිංහල පෙන්නේ නැද්ද ?
*  පෙන්නනෙ නෑ එත් සමහර ලොලිපොප් අප්ඩේට් වල පෙන්නවා.. එත්  අපිට රුට් කරන්නේ  නැතිව හදාගන්න පුළුවන් ඒ ගැන මෙතනින්.




5. HTC ඩිසයර් ෆෝන් වල අන්තිමට අකුරු එන ෆෝන් අවුල්ද? උදාහරණයකට HTC Desire 820S
*  ඔව් ටිකක් අවුල් මොකද ඒ ෆෝන් එකේ HTC වල වටිනාම දේ නැ ඒ තමයි සෙන්ස්  UI එක....
ඒ Desire ෆෝන් ගැන මෙතනින් දැනගන්න.




6. HTC ෆෝන් වලට කෝඩ්ස් තියෙනවද? ඒ මොනවද?
* ඔව් කෝඩ්ස් තියෙනවා.
කෝඩ්ස් ටික තමයි

*#*#3425#*#* = Function Test *#*#4636#*#* = Information Menu
7. HTC ෆෝන් එක ලොලිපොප් අප්ඩේට් කරොත් අවුල් යයිද? * කිසිම අවුලක් වෙන්නේ නෑ.... එත් සමහරු කියනවා අප්ඩේට් කරාම බැටරි බහිනවා කියයි. ෆෝන් එක ස්ලෝ වෙනවා කියයි... ඔව් ඒ ඔක්කොම ඇත්ත... බය උනා නේ.. එහෙම වෙනවා අප්ඩේට් කරලා ෆැක්ටරි රීසෙට් එකක් නොකරම. ඔය කිව්ව අවුල් ඔක්කොම හරියනවා රීසෙට් කරාම...


8 . HTC  ෆෝන් වලත් හයිකොපි එනවද? ඒවා හොයන්න පුලුවන්ද?
* අපෝ ඔව් HTC වලත් හයිකොපි එනවා. ඒවා හොයන්න පුළුවන් හරි ලේසි.. කෝඩ්ස් තියෙනවා තව එක එක ටෙස්ට් කිරිලි තියෙනවා ඒ ගැන වැඩි විස්තර මෙතනින්.


9 . HTC ෆෝන් එකේ බොක්ස් එකේ මොඩ්ල් නම්බර් එකට පස්සේ එන අකුරු වල තේරුම මොකක්ද?
* ඒ අන්තිමට එන අකුරු වලින් කියවෙන්නේ ෆෝන් එක අදාළ රිල්ජන් එක..
අන්තිමට එන අකුරු වල තේරුම

N = Europe
X = China
Y = Hong Kong




10. HTC ෆෝන් ලංකාවට ගෙන්නනේ කව්ද?
* ලංකාවට HTC ඒජන්ට් කෙනෙක් තාම නෑ. :(




11. HTC ෆෝන් ගොඩක් රත් වෙනවද?
* නෑ එහෙම රත් වෙන්නේ නෑ.. මම එක නිකන් නෙවෙයි කියන්නේ.. මේකයි කතන්දරේ සාමාන්යෙන් ඕනෑම බ්‍රෑන්ඩ් එකක රත් වෙන ගනටමයි HTC ෆෝන් රත් වෙන්නේ. අපිට HTC සමහර ෆෝන් ගොඩක් රත් වෙනවා වගේ දැනෙන්නේ ගොඩක් ඒ ෆෝන් ඇලුමිනියම් වැනි ලෝහයකින් හදලා තියෙන හන්දා.. හොදම උදාහරණයකට ගන්න යකඩයක් අවුවේ තියලයි ප්ලාස්ටික් එකක් අවුවේ තියලයි. දෙකෙන් වැඩිපුර රස්සෙනේ දැනෙන්නේ යකඩ කෑල්ලේ ඔන්න ඕකයි ගොඩක් කට්ටිය රත් වෙනවා කියල HTC ෆෝන් වලට එක එක කතන්දර කියන්නේ.. ඇත්තටම හැම ෆෝන් එකක්ම රත් වෙනවා අපි එක අඩු කර ගන්නවා නම් කරන්න තියෙන්නේ අනවශ්‍ය ඇප් රන් වෙන එක නවත්වන එක එතකොට ඕනෑම ෆෝන් එකක් රත් වෙන එක අඩු කර ගන්න පුළුවන් ...




පොස්ට් එකේ මොකක් හරි අඩුපාඩුවක් හරි මොනවා හරි දැන ගන්න ඕනා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න එහෙනම් මම ගියා..