හොදයි අද මම දාන්න යන එක නම් ඔයගොල්ලොන්ට මාරම විදිහට වටින එකක් වෙයි .... HTC යූස් කරන අයට විතරක් නෙමෙයි අනිත් බ්‍රෑන්ඩ් යූස් කරන අයටත් මේක ගොඩක් වටීවි ....
එහෙනම් වැඩේට බහිමු ....,
ඔයගොල්ලොන්ගෙ පෝන් එකේ ගන්න පොටෝස් පැහැදිලි නැද්ද ? නිකන් ලාවට බොද වෙලා වගේද ? zoom කලාම ඩීටේල්ස් අඩුද ?
ඔන්න ඕව ගැන තමයි මම අද කියල දෙන්නෙ ... ඇත්තටම මේ කියන දේවල් අතර ගොඩක් තියෙන්නෙ සාමාන්‍යය දැනීම .. :පී
හොදයි .. කැම් එකේ බොද වෙනවා , ඩීටෙල්ස් අඩු වෙනවා වගේ සීන් එකක් නැති අයත් මේක බලන්න කියල මන් ඉල්ලනව ...මොකද ඒ ගොල්ලොන්ටත් මේකෙ වටින දේවල් තියනව ..
1. හොදට බලන්න යගොල්ලොන්ගෙ පෝන් එකේ කැම් එකේ වීදුරුව දිහා .. හොදට බලන්න .. හොදට හරව හරව බලන්න .. බලන්න ඔයගොල්ලොන්ගෙ කැම් එකේ වීදුරුවත් මේ විදිහද කියල ... පොඩ්ඩක් හරි
හොදට බලන්න
පොඩ්ඩක් හරි ඔය වගේ තියනවද කියල මොකද ඔහොම ඔනව හරි වෙලාද කියල බලන්න හරි අමාරුයි .. ගොඩක් වෙලාවට ඕක පේන්නෙ නෑ ... පොඩ්ඩක් ලයිට් එකක් ලගට ගිහිල්ල වටේට අල්ල අල්ල බලන්න ..
පොඩ්ඩක් හරි ඔහොම තියනවද ? තියනව නම් පුතා ඔයාගෙ කැම් එකේ කොලිටි එක ටිකක් අවුල් වගේ තමයි ..
හරි මන් කියල දෙන්නම් ඕක හදා ගන්නෙ කොහොමද ? , ඇත්තටම ඔය මොකක්ද වෙලා තියෙන්නෙ කියල ...
මෙහෙමයි .. HTC සමහර පෝන් වල ඔහොම එනව නම් ඔහොම වෙන්නෙ පොඩි හේතුවක් නිසා ...
ඔය හීරිලා වගේ තියෙන්නෙ වීදුරුව නෙමෙයි .. ඔය තියෙන්නෙ UV Filter එකක් .. තවත් විදිහකට කිව්වොත් Oleo phobic coating එකක් ... ඕක ගහන්නෙ කැම් එකේ ලෙන්ස් එකේ කල් පැවැත්ම වැඩි වෙන්න .. මොකද එතකොට අහිත කර හිරු කිරන ඇවිල්ල කැම් එක සවුත්තු වෙන්නෙ නැ ඉක්මනට ... හැබයි අවාසනාවට ඒක යනව ගොඩක් පෝන්ස් වල ඉක්මනට .. ඒක ඉතින් එක එක්කෙනා යූස් කරනව් ඉදිහට තමයි ... ඒක ගියත් යන්නෙ nසම්පෝර්නයෙන්ම නෙමෙයි නිකන් කෑලි කෑලි .. ඒ කියන්නෙ ඇත්තටම ඒ ෆිල්ටෙර් එක තමයි හීරෙන්නෙ ... කැමරාවෙ වීදුරුවට උඩින් තමා ඕක ගහල එවන්නෙ .. ඒක හීරුනාම අපිට පැහැදිලි පොටෝස් ගන්න ලැබෙන්නෙ නැ ... ඉතින් අපිට පැහැදිලි පොටෝස් ආයෙ ගන්න ඕනෙ නම් ඒක සම්පූර්නයෙන්ම යවන්න ඕනෙ .. ඉතින් මන් කියල දෙන්නම් දැන් ඒක යවන්නෙ කොහොමද කියල ..
1. යවන්න කලින් ඔයා කොහේ අරි තැනක පොටෝ එකක් ගහ ගන්න .... මොකද එතකොට යවන්න කලින් විදිහයි යැව්වට පස්සෙ විදිහෙයි අතර තියන වෙනස ඔයාටම බලා ගන්න පුලුවන් නෙ
2. මන් කියන ඒව ලෑස්ති කරගන්න ..
* හොදින් තෙතමනය උරා ගන්න රෙදි කෑල්ලක්
* පුලුන් කෑලි ටිකක්
* ඕඩි කොලෝන් හරි සෙන්ට් හරි බෝතලයක් ... ( සෙන්ට් තියන බෝතලයක් හොදේ .. :ඩී )
* ටූත් පේස්ට් ටිකක් .. :ඩී ( විහිලු කරනව වගේ කියල හිතෙනව නම් එහෙම හිතන්න එපා .. ඇත්තටමයි කිව්වෙ හොදේ . මොකද අද කාලෙ ටූත් පේස්ට් හදල තියෙන්නෙ දත් මදින්න විතරක් නෙමෙයි .. :ඩී )
* පිරිසිදු ඇගිල්ලක් .. ( ලොල් )
* ඉවසීමක් .. හික් හික්
ඔන්න ඔය ටික තමයි ඕනෙ කරන්නෙ ..
3. හරි එහෙනම් , මුලින්ම කැමරාවට සෙන්ට් ටිකක් ගහල රෙදි කෑල්ලෙන් පිහදා ගන්න .. බය නැතුව ගහන්න හොදට සෙන්ට් .. ඇතුලට යන්නෙ නැ .
හරි ..
4. දැන් ආයෙ ගහන්න සෙන්ට් ටිකක් හොදට .. දැන් අර පිරිසිදු ඇගිල්ලින් පොඩ්ඩක් තද කරල (පොඩ්ඩක් හොදේ ) හොදට පිරිමදින්න කැම් එකේ ලෙන්ස් එක ,, විනාඩි දෙකක් විතර එක දිගට මදින්න .. ඊට පස්සෙ අර තෙත ගතිය වේලෙන්න තියන්න කැම් එකේ ලෙන්ස් එක පිහ දාන්නෙ නැතුව් ... වේලුනාට පස්සෙ පුලුන් කෑල්ලකින් එක පාර පිහදාල අරින්න ..
ඔහොම කරල බලන්න .. සමහරවිට ඕක එක පාරෙන් කරාට යන්නෙ නෑ .. ඔයාට ගොඩ පාරක් කරන්න වෙයි ඒ හීරිච්ච ගතිය යවන්න .. 10 පාරක් 15 පාරක් ඕකම කරල බලන්න .. පොඩ්ඩ පොඩ්ඩ තමා යන්නෙ .. ඒත් එහෙම කරලත් ගියෙ නැත්තම් ඊලග ස්ටෙප් එකට යමු .. ඒකෙන් කලොත් නම් අනිව යනවම තමයි ..
5. ගන්න ටූත් පේස්ට් ටිකක් ඇගිල්ලට ... දැන් අර කලින් වගේම ඒ ටික කැමරාවෙ වීදුරුවට දාල පොඩ්ඩක් තද කරල හොදට මදින්න .. ඒක එච්චර වෙලා මදින්න එපා තත්පර 30 ක් 45ක් මදින්න .. ඊට පස්සෙ පුලුන් කෑල්ලක් අරන් ඒ ටික පිහදාන්න .. දැන් බලන්න් ගියාද කියල .. එක පාරින් නම් යන එකක් නෑ .. ටික ටික තමා යන්නෙ .. කොහොම හරි යනකන්ම එහෙම කරන්න .. දානව , මදිනව , පිහදානව .. ඔන්න ඔය විදිහට ..
6. ගියාට පස්සෙ ආයෙත් සෙන්ට් ටිකක් හොදට ගහල අර රෙදි කෑල්ලෙන් පිහදාන්න ..
8. ඊට පස්සෙ තව වැඩක් තියනව .. අර සෙන්ට් එකේ ටූත් පේස්ට් වල තෙල් ගතිය වීදුරුවෙ තියන නිසා ටිකක් අවුල් .. ඒක නිසා . සබන් පොඩ්ඩක් අගිල්ලෙ ගාගෙන ඒ ටික වීදුරුවට දාල හොදට පිරිමදින්න ... ඉට පස්සෙ අගිල්ල වතුරෙන් තෙත් කරගෙන වීදුරුව පිහ දාන්න සබන් ටික යනකන් .. ඊට පස්සෙ ආයෙත් අර රෙදි කෑල්ලෙන් වතුර ගතිය යන්න පිහ දාන්න ..
එච්චරයි එහෙනම් ...
මේ තියෙන්නෙ අරක යවන්න කලින් හීරිල තියෙද්දි ගත්ත පපොටෝ එකක්
මේ තියෙන්නෙ අරක යැව්වට පස්සෙ ගත්ත පොටෝ එකක් .. වෙනස තේරෙනව ඇතිනෙ .. එහෙනම් කරලම බලන්න
තව දෙයක් , මේක ඕනෙම කෙනෙක්ට , හොද පොටෝස් ගන්න උවමනා කෙනෙක් ට දෙන උපදෙස් ටිකක් .. මේ ටික කවරු උනත් කියවල යනව නම් හොදයි ..ඔයා පොටෝ එකක් ගන්න යද්දි පිටිපස්සෙ කැමරාවෙ වීදුරුව හැම වෙලාවෙම පිහ දාල ගන්න බලන්න ..මොකද නැත්තම් දූවිලි , තෙල් ගතිය ඒ වීදුරුවෙ බැදුනම පොටෝ අපැහැදිලියි .... ඒක නිසා පොඩ්ඩක් පිහ දාල ගන්න ..
සෑම දවස් දෙකකට වතාවක් වත් මන් උඩ 8 වන ස්ටෙප් එකේ කියපු එක කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි .. ඒ කියන්නෙ අර සබන් පොඩ්ඩක් ඇගිල්ලට අරන් වීදුරුව පිහ දාල වතුර පොඩ්ඩක් ඇගිල්ලට් අරන් සබන් ගතිය යනකන් පිහ දාල රෙදි කෑල්ලෙන් හොදට පිහ දාන එක .. මොකද පෝන් වල ගොඩක් ඉක්මනට කැමරා ලෙන්ස් එකේ ජරාව බැදෙනවා.. ඉතින් ගන්න පොටෝ එතකොට අවුල් වගේ පේන්නෙ ..
මගේ ගැමරා ටිප්ස් Part 1 පෝස්ට් එක
මෙතන ලින්ක් එකෙන් ගිහින් කියවපු නැති අය කියවන්න
කැමරා ටිප්ස් Part 2 පෝස්ට් එක
මෙතනින් ගිහින් කියවන්න
කැමරා ටිප්ස් Part 3 එක
මෙතනින් ගිහින් කියන්වන්හ්
එහෙනම් මන් ගියා ..
මේ දාපු පෝස්ට් එකෙන් ඔයාලට උදව්වක් උනා කියල මන් හිතනවා ..
කොමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා ...
ඔයා දන්න අය අතරෙත් මේක බෙදා හරින්න ..
ස්තුතියි ..
සුභ අනාගතයක් !